බෙලිහුල් ඔයේ දිය නෑමට ගිය දැරියක් මරුට – පිරිමි දරුවෙක් අතුරුදන්

බෙලිහුල්ඔයේ දිය නෑමට ගිය 13 හැවිරිදි දැරියක් දියේ ගිලී මියගොස් තිබෙනවා. ඇය සමග දිය නෑමට ගිය 12 හැවිරිදි දරුවෙක් අතුරුදන් බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ (06) දහවල් ඔවුන් දිය නෑමට ගොස් ඇති අතර දියේ ගිලුණු දැරිය ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.

ඇය මතුරට තඹරාව ප්‍රදේශයේ පදිංචිකාරියක්. අතුරුදන්ව සිටින දරුවා ද එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

මියගිය දැරිය තම ඥාති සහෝදරයෙක් වන 12 හැවිරිදි පිරිමි ළමයා සහ අවුරුදු 21ක් වන ඔවුන්ගේ තවත් ඥාති සහෝදරියක් සමග පදියපැලැල්ල විහාරස්ථානයේ පැවති ධාතු ප්‍රදර්ශනයක් නැරඹීමට පැමිණ තිබෙනවා.

අනතුරුව දිය නෑම සඳහා බෙලිහුල් ඔයට ගොස් ඇතැයි සඳහන්.

දැරිය ඔයේ ගිලී ගසාගෙන යාමේදී ඇය බේරා ගැනීමට පිරිමි ළමයා උත්සාහ කිරීමේදී දෙදෙනාම දියේ ගසාගෙන ගොස් ඇති බවටයි සිදු කරන ලද මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

අනතුරුව ඔවුන් සමග ගිය තරුණිය ප්‍රදේශවාසීන් දැනුවත් කර සහාය ඉල්ලීමෙන් අනතුරුව දැරිය ගොඩට ගෙන රෝහල් ගතකර තිබෙනවා.

අතුරුදන් වූ 12 හැවිරිදි පිරිමි ළමයා මෙතෙක් හමුවී නොමැති අතර පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ඔහු සොයා පරීක්ෂණ සිදු කරන බව සඳහන්.

මියගිය දැරියගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රිකිල්ලගස්කඩ රෝහලේ තැන්පත් කර ඇති අතර මතුරට පොලිසියයි විමර්ශන සිදු කරන්නේ.

පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ නොසැලකිලිමත් හා අනාරක්ෂිත ලෙස ගංගා සහ ජලාශ ආශ්‍රිතව දිය නෑමට යාමෙන් මෙවැනි අවාසනාවන්ත සිදුවීම්වලට මුහුණ පෑමට සිදුවන බවයි.

එබැවින් තම කුඩා දරු දැරියන් පිළිබඳ ඉතා සැලකිලිමත්ව හා අවධානයෙන් යුතුව කටයුතු කිරීමෙන් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වළක්වා ගැනීමට කටයුතු කරන ලෙසටයි පොලිසිය මව්පියන්ගෙන් සහ භාරකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?