බෙලිඅත්තේ ප්‍රබලයෙක් ලබන 22 වැනිදා දක්වා රිමාන්ඩ්

අයථා ලෙස රුපියල් ලක්ෂ 360 කට අධික වත්කම් සහ දේපළ උපයා ගැනීම සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සිරිල් මුණසිංහ නමැත්තා ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා.

සිද්ධියට අදාල සැකකරු අල්ලස් කොමිසම විසින් අද(12) පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් අල්ලස් කොමිසම අධිකරණයට පවසා සිටියේ 2012.ජනවාරි 1 දින සිට 2012. දෙසැම්බර් 31 දක්වා සැකකරුට ලැබෙන ආදායමට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් වියදම් කර ඇති බවයි.

ප්‍රාදේශීය සභාවේ සභාපතිව සිටින කාලය තුළ ඔහු උපයා ගත යුතුව තිබූ මුදල රුපියල් 725,8665.32/= ක් වුවද නමුත් ඔහු එම කාලය තුළ රුපියල් 43260,010.26/= වියදම් කර ඇති බවට කරුණු අනාවරණය වන බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වූවා.

එම විමර්ශනවලට අනුව හිටපු සභාපතිවරයා රුපියල් 36001344.00/= මුදලක් අයථා ලෙස උපයා ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැන්වුවා.

අල්ලස් පනතේ අංක 23 (අ) (1) වගන්තිය යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වත්කම් විමර්ශන අංශය විසින් සිදු කරන ලද විමර්ශනයකට අදාලව සැකකරු අත්අඩංගුට ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
7
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?