බෙලිඅත්තේ ප්‍රබලයෙක් ලබන 22 වැනිදා දක්වා රිමාන්ඩ්

අයථා ලෙස රුපියල් ලක්ෂ 360 කට අධික වත්කම් සහ දේපළ උපයා ගැනීම සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සිරිල් මුණසිංහ නමැත්තා ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා.

සිද්ධියට අදාල සැකකරු අල්ලස් කොමිසම විසින් අද(12) පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් අල්ලස් කොමිසම අධිකරණයට පවසා සිටියේ 2012.ජනවාරි 1 දින සිට 2012. දෙසැම්බර් 31 දක්වා සැකකරුට ලැබෙන ආදායමට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් වියදම් කර ඇති බවයි.

ප්‍රාදේශීය සභාවේ සභාපතිව සිටින කාලය තුළ ඔහු උපයා ගත යුතුව තිබූ මුදල රුපියල් 725,8665.32/= ක් වුවද නමුත් ඔහු එම කාලය තුළ රුපියල් 43260,010.26/= වියදම් කර ඇති බවට කරුණු අනාවරණය වන බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වූවා.

එම විමර්ශනවලට අනුව හිටපු සභාපතිවරයා රුපියල් 36001344.00/= මුදලක් අයථා ලෙස උපයා ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැන්වුවා.

අල්ලස් පනතේ අංක 23 (අ) (1) වගන්තිය යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වත්කම් විමර්ශන අංශය විසින් සිදු කරන ලද විමර්ශනයකට අදාලව සැකකරු අත්අඩංගුට ගෙන තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57