බූරුමූණා උසාවියට ඉදිරිපත් කිරීමට ප්‍රමාද වීම ගැන උසාවියෙන් නියෝගයක්

2022 දෙසැම්බර් 18 වැනිදා හංවැල්ල ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලකට ඇතුළු වී එහි හිමිකරු වන මොහොම්මදු පාර්සාන් ලෙබ්බේ නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව යටතේ කොළඹ මහ අධිකරණයේ විභාග වන නඩුව කැඳවු අවස්ථාවේ දී එහි විත්තිකරුවකු වන ”බූරුමූණා” නොහොත් රවිඳු සංඛ සිල්වා නමැත්තා බූස්ස බන්ධනාගාරයෙන් අධිකරණයට ඉදිරිපත් කිරිමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් ඊළඟ නඩු දිනයේ දී අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රමාදයට හේතු කරුණු දක්වන ලෙස බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාට කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා නියෝග කර තිබෙනවා.

නඩුකරය පෙරවරු 9.45 ට ආරම්භ වුවත් 10.30 වන තුරු විත්තිකරු අධිකරණය ඉදිරිපත් කෙරුණේ නැති හෙයින් ඒ සම්බන්ධයෙන් පැමිණ කොළඹ බන්ධනාගාර අධිකාරිවරයාට කරුණු දක්වන ලෙස ද විනිසුරුවරයා නියෝග කළා.

ඒ අනුව පැය දෙකක් ඇතුළත කොළඹ බන්ධනාගාර අධිකාරිවරයා අධිකරණය හමුවේ පෙනී සිටි අතර නඩුව නැවත කැඳවනු ලැබුවා.

එහිදි කරුණු විමසු මහාධිකරණ විනිසුරුවරයා බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේ සැප්තැම්බර් 24 දින අධිකරණයට හමුවේ පෙනී සිට ප්‍රමාදයට හේතු දක්වන ලෙසයි.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස සම්පත් නිරෝෂන්, ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ලලිත් කන්නන්ගර සහ බූරුමූණා නොහොත් රවිඳු සංඛ ද සිල්වා නම්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටි හැටියෙම සිංහරාජයෙන් මතුවූ දුමාරය..ගම්මුන්ගේ ඇස් උඩ ගිය දර්ශනය මෙන්න
01:19
Video thumbnail
ප්‍රෙට්‍රල් දෙකක් අරගෙන හ#මුන් ගියාද?කවුද කාටද දැන් ඇ#ලා තියෙන්නේ?අර්චුනාගෙන් කතානායකට සැර කතාවක්..
03:18
Video thumbnail
අර්චුනාගෙන් උගන්ඩා අක්කට සැර හින්ට් එකක්..Underwear එකේ ඉදන් අරන් තියෙන්නේ ණයට නේද?
03:37
Video thumbnail
මෝ#යෙක් නොවී වාඩිවෙනවා ඕයි..කෝට්බෝට් දාන් හිටියට තමුන් මහ හොරෙක්..චමින්දගෙන් මහින්දට සැර සත්තමක්
02:38
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට..Mask එකත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මහින්දගේ නම ඇහුනම ගොඩක් අයට මූත්‍රා යනවා..අර්චුනාගෙන් සැර කින්ඩියක්
01:08
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39


?