AFC Banner
Empty Ad
Empty Ad

බුර්කාව හා නිකාබය තහනම් කිරීමට රජය තීරණයක් ගෙන නැහැ

බුර්කාව සහ නිකාබය පැළදීම තහනම් කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, මෙය හුදෙක් යෝජනාවක් පමණක් බවයි.

මේ වනවිට ඒ පිළිබඳව සාකච්ඡා වෙමන් පවතින බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභවේ විමර්ශනයන්ට අනුව ජාතික ආරක්ෂක හේතූ මත අවශ්‍ය වන පූර්වාරක්ෂාව ලබා ගැනීම මෙම යෝජනාව සඳහා පදනම් වී තිබේ.

අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා වැඩිදුරටත් පැවසුවේ, අවශ්‍ය උපදේශන පැවැත්වීම සහ එකඟතාවකට පැමිණීමට ප්‍රමාණවත් කාලයක් ගත වනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?