AFC Banner
AFC Banner
Empty Ad

බුම්රාගේ ලෝක වාර්තාවෙන් කණගාටුවට පත් වූ පීටර්සන්

එංගලන්තය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගයේ දී ඉන්දීය කණ්ඩායමේ වැඩ බලන නායක ජස්ප්‍රිට් බුම්රා ලෝක වාර්තාවක් පිහිටුවීමට ඊයේ සමත් වුණා.

ඒ, ටෙස්ට් තරගයක දී පන්දු වාරයක ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවා බවට පත්වෙමින්.

එහිදී බුම්රා ස්ටුවර්ට් බ්‍රෝඩ් යොමු කළ පන්දුවාරයකදී ලකුණු 35ක් රැස්කිරීමට සමත් වූ අතර ඔහු බිඳ දමනු ලැබුවේ මිට පෙර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක බ්‍රයන් ලාරා විසින් පිහිටුවා තිබූ වාර්තාවයි.

ලාරා මීට පෙර දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක රොබින් පීටර්සන්ගේ පන්දුවාරයකට ලකුණු 28ක් රැස් කර ගනිමින් ටෙස්ට් තරගයක පන්දුවරයක දී ලකුණු සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවා බවට පත්ව සිටියා.

කෙසේ වෙතත් බුම්රා විසින් මෙම වාර්තාව බිඳ දැමීමත් සමඟ, මීට පෙර බ්‍රයන් ලාරාට එම වාර්තාව පිහිටුවීමට පන්දු යැවූ රොබින් පීටර්සන් සිය ට්විටර් ගිණුමට සටහනක් එක්කර තිබුණා.

“අද මගේ වාර්තාව නැතිවීම ගැන කණගාටුයි, මම හිතන්නේ වාර්තා ඇත්තේ බිඳ දැමීමටයි” යනුවෙන් රොබින් එම ට්විටර් සටහනේ දක්වා තිබුණා.

1 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?