බුද්ධ දේහය සමග තැන්පත් කළ මැණික් හා ස්වර්ණාභරණ වෙන්දේසිය නතර කරන ලෙසට ඉන්දියාවෙන් රතු එළියක්

බුදුන් වහන්සේගේ දේහය සමග තැන්පත් කරනු ලැබ තිබූ මැණික් සහ ස්වර්ණාභරණ වෙන්දේසිය නතර කර, එම පුරාවස්තු වහා නැවත ඉන්දියාවට ලබා දෙන ලෙස ඉන්දීය මධ්‍යම රජය හොංකොං හි සොතෙබිස් ආයතනයට දැනුම් දී තිබෙනවා.

එම කෞකුක වස්තු නැවත ලබා නොදුනහොත් සොතෙබිස් සමාගම එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඉන්දීය සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය දැනුම්දී ඇත්තේ.

අදාළ මැණික් සහ ස්වර්ණාභරණ වෙන්දේසිය අද (07) පැවැත්වීමට හොංකොංහි සොතෙබිස් සමාගම කටයුතු සංවිධානය කර ඇති අතර, එම වෙන්දේසිය මගින් හොංකොං ඩොලර් මිලියන 100 ක් උපයා ගැනීමට ඔවුන් අපේක්ෂා කරනවා.

වෙන්දේසිය පිළිබඳ තොරතුරු ප්‍රචාරය වීමත් සමගම ලෝකය පුරා බෞද්ධයින්ගේන් සහ පුරා විද්‍යාඥයින්ගෙන් ඒ් පිළිබඳ විරෝධය සහ අප්‍රසාදය පළ වී ඇති අතර සොතෙබිස් සමාගම සඳහන් කර ඇත්තේ මෙම මැණික් සහ ස්වර්ණාභරණ මේ වන විට ඔවුන්ගේ චංචල දේපළ බවයි.

මෙම වෙන්දේසිය ඉන්දියානු සහ ජාත්‍යන්තර නීති මෙන්ම එක්සත් ජාතීන්ගේ සම්මුතීන් උල්ලංඝනය කිරීමක් බව අවධාරණය කර ඇති ඉන්දීය සංස්කෘතික අමාත්‍යාංශය, මෙම ස්වර්ණාභරණ පූජනීය ඉන්දියානු උරුමයක් බව ද අවධාරණය කර තිබෙනවා.

කෙසේ නමුත් ඉන්දියාව සතු සම්භාව්‍ය පුරා විද්‍යාත්මක උරුමයක් මෙන්ම පූජනීය බෞද්ධ උරුමයක් මෙසේ වෙන්දේසියේ විකිණිම සම්බන්ධයෙන් ලොව පුරා බෞද්ධයින්ගේ දැඩි විරෝධය එල්ල වී තිබෙනවා.

මෙම මැණික් සහ ස්වර්ණාභරණවල වත්මන් භාරකරුවන් ලෙස පෙනී සිටින කිසිවෙකුට මනුෂ්‍යත්වයේ අසාමාන්‍ය උරුමයක් මෙසේ හෑල්ලුවට ලක් කිරීමට කිසිදු අයිතියක් නොමැති බවයි ඉන්දීය රජය අවධාරණය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
32
+1
7
+1
7
+1
6
+1
29
+1
7
+1
3
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත්, සිංදුවලින් කළුතර න.සභාවේ දී විපක්ෂේ මන්ත්‍රී වටේටම හොඳවැයින් අමතයි
03:43
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."කළුගගේ පීනුවා වගේ මුහුදේ පීනන්න බෑ.."
11:13
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13


?