බුද්ධ දේහය සමග තැන්පත් කළ මැණික් හා ස්වර්ණාභරණ වෙන්දේසිය නතර කරන ලෙසට ඉන්දියාවෙන් රතු එළියක්

බුදුන් වහන්සේගේ දේහය සමග තැන්පත් කරනු ලැබ තිබූ මැණික් සහ ස්වර්ණාභරණ වෙන්දේසිය නතර කර, එම පුරාවස්තු වහා නැවත ඉන්දියාවට ලබා දෙන ලෙස ඉන්දීය මධ්‍යම රජය හොංකොං හි සොතෙබිස් ආයතනයට දැනුම් දී තිබෙනවා.

එම කෞකුක වස්තු නැවත ලබා නොදුනහොත් සොතෙබිස් සමාගම එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඉන්දීය සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය දැනුම්දී ඇත්තේ.

අදාළ මැණික් සහ ස්වර්ණාභරණ වෙන්දේසිය අද (07) පැවැත්වීමට හොංකොංහි සොතෙබිස් සමාගම කටයුතු සංවිධානය කර ඇති අතර, එම වෙන්දේසිය මගින් හොංකොං ඩොලර් මිලියන 100 ක් උපයා ගැනීමට ඔවුන් අපේක්ෂා කරනවා.

වෙන්දේසිය පිළිබඳ තොරතුරු ප්‍රචාරය වීමත් සමගම ලෝකය පුරා බෞද්ධයින්ගේන් සහ පුරා විද්‍යාඥයින්ගෙන් ඒ් පිළිබඳ විරෝධය සහ අප්‍රසාදය පළ වී ඇති අතර සොතෙබිස් සමාගම සඳහන් කර ඇත්තේ මෙම මැණික් සහ ස්වර්ණාභරණ මේ වන විට ඔවුන්ගේ චංචල දේපළ බවයි.

මෙම වෙන්දේසිය ඉන්දියානු සහ ජාත්‍යන්තර නීති මෙන්ම එක්සත් ජාතීන්ගේ සම්මුතීන් උල්ලංඝනය කිරීමක් බව අවධාරණය කර ඇති ඉන්දීය සංස්කෘතික අමාත්‍යාංශය, මෙම ස්වර්ණාභරණ පූජනීය ඉන්දියානු උරුමයක් බව ද අවධාරණය කර තිබෙනවා.

කෙසේ නමුත් ඉන්දියාව සතු සම්භාව්‍ය පුරා විද්‍යාත්මක උරුමයක් මෙන්ම පූජනීය බෞද්ධ උරුමයක් මෙසේ වෙන්දේසියේ විකිණිම සම්බන්ධයෙන් ලොව පුරා බෞද්ධයින්ගේ දැඩි විරෝධය එල්ල වී තිබෙනවා.

මෙම මැණික් සහ ස්වර්ණාභරණවල වත්මන් භාරකරුවන් ලෙස පෙනී සිටින කිසිවෙකුට මනුෂ්‍යත්වයේ අසාමාන්‍ය උරුමයක් මෙසේ හෑල්ලුවට ලක් කිරීමට කිසිදු අයිතියක් නොමැති බවයි ඉන්දීය රජය අවධාරණය කර ඇත්තේ.

  1. බෞද්ධයෙක් සහ මනුෂ්‍යයෙක් ලෙස මෙය අනුමත කළ නොහැකියි. මම පූජනීය වස්තූන් නැවත ඉංදියාවට ලබා දිය යුතුයි.

  2. මෙම පුරා වස්තු මෙපමණ කාලයක් රැක ගත්තට ස්තූතියි, වියදම් විතරක් අරගෙන, මේ වටිනා ලෝක උරුම, ශ්‍රී ලංකාවට හෝ ඉන්දියාවට ලබාදෙන්න, තිලෝගුරු සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ දෙයක් නිසා අපි ආදරෙන් රැක බලා ගන්නම්. පුරා වස්තු වර්ග 2 ක් තියනවා, පුජනීය හා නොවන, පුජනීය පුරා වස්තු මෙසේ විකිණීම ලොකු පාපයක්, චීනය බුදු දහමට ආදරය කරන රටක් නිසා, මේ පිළිබඳ 2 වරක් සිතයි කියා හිතනවා,ඉන්දියාවට දෙන්න බැරිනම්, ශ්‍රී ලංකාවට දෙන්න, අපි ඉන්දියාව එක්ක බලා ගන්නම්..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23