බී ලව් කැන්ඩි 2023 LPL ශූරතාව දිනාගනී

2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාව හිමිකර ගන්නට බී ලව් කැන්ඩි කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

ඒ, කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයේ දී දඹුල්ල අවුරා කණ්ඩායම කඩුලු 05කින් පරාජය කරමින්.

අද පැවති අවසන් මහා තරගයට බී ලව් කැන්ඩි කණ්ඩායම සිය නිත්‍ය නායක මෙන්ම මෙවර තරගාවලියේ විශිෂ්ඨතම ක්‍රීඩකයාවන වනිඳු හසරංග නොමැතිව ක්‍රීඩා කිරීම ද විශේෂත්වයක්.

මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල ක්‍රීඩකයින් නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 04ක් පමණක් දැවී ලකුණු 147ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී දඹුල්ල ඉනිම වෙනුවෙන් නායක කුසල් මෙන්ඩිස් ලකුණු 22ක් රැස්කළ අතර, සධීර සමරවික්‍රම ලකුණු 36ක් රැස් කිරීමට සමත් වුණා.

මැදපෙළ පිතිකරුවන් වන කුසල් පෙරේරා වේගවත් ලකුණු 31ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 40ක් රැස් කළා.

පන්දු යැවීමේ දී චතුරංග ද සිල්වා සිය පන්දුවාර 04 තුළ ලකුණු 25කට කඩුලු 02ක් බිඳ දැමුවා.

අනතුරුව පිළිතුරු ඉනිම ඇරඹු කැන්ඩි ක්‍රීඩකයින් ලකුණු 148ක ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 19යි පන්දු 05ක් තුළ කඩුලු 05ක් පමණක් දැවී පසුකර යාමට සමත් වුණා.

ජයග්‍රාහී කැන්ඩි ඉනිම වෙනුවෙන් ආරම්භ පිතිකරුවෙකු ලෙස උසස්වීමක් ලබා ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස් ලකුණු 44ක් පන්දු 37ක් තුළ රැස් කළා.

ඊට අමතරව ආරම්භක පිතිකරු මොහොමඩ් හරිස් ලකුණු 26ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 24ක් රැස්කළා.

ඇන්ජලෝ මැතිවුස් නොදැවී ලකුණු 25ක් රැස් කරමින් කැන්ඩි පිළ සුරැකිව ජයග්‍රහණය කරා රැගෙන ගියා.

කඩුලු දවා ගැනීමේ දී දඟ පන්දු යවන ක්‍රීඩක නූර් අහමඩ් කඩුලු 04ක් සිය පන්දුවාර 04 තුළ ලකුණු 27ක් පමණක් ලබාදෙමින් බිඳ දැමුවා.

ඒ, අනුව 2023 එල්.පී.එල් තරගාවලියේ ශූරතාව සිය දෝතට ගැනීමට බී ලව් කැන්ඩි කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
9
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?