බීලා වාහන පදින අය අල්ලන්න අලුත් නීතියක්

මහා මාර්ගයක මෝටර් වාහනයක් ධාවනය කරනු ලබන රියදුරෙක් විසින් මත්ද්‍රව්‍ය කිසිවක් ගෙන ඇති බවට පොලිස් නිලධාරියෙක් විසින් සැක කරනු ලබන අවස්ථාවක පරීක්ෂා කරනු ලැබීම සඳහා එම තැනැත්තා ආණ්ඩුවේ වෛද්‍ය නිලධාරියෙක් වෙත ඉදිරිපත් කරනු ලැබීම නීත්‍යානුකූල විය යුතු බව මෝටර් වාහන පනතේ විධි විධාන යටතේ දක්වා තිබෙනවා.

එහෙත්, එකී නිශ්චය කිරීම සඳහා පරීක්ෂණයක් පවත්වනු ලැබිය හැකි ක්‍රමය සහ ආකාරයක්, මත්ද්‍රව්‍ය ගෙන ඇතැයි සලකනු ලැබිය යුතු මත්ද්‍රව්‍ය සාන්ද්‍රණයේ ප්‍රමාණය පිළිබඳව විධිවිධාන ඇතුළත් නියෝග නිකුත් කර නැහැ.

එබැවින්, මත්ද්‍රව්‍ය භාවිත කොට රිය පදවනු ලබන රියදුරන් පරීක්ෂා කිරීමට හැකි වන පරිදි විධිවිධාන ඇතුළත් කරමින් මෝටර් වාහන පනතේ විධිවිධාන යටතේ 2025 අංක 01 දරන මෝටර් වාහන (මත්ද්‍රව්‍ය) නියෝග, අංක 2452/40 සහ පසුගිය මස 04 වැනිදා අති විශේෂ ගැසට්‌ නිවේදනය මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව එකී නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරිම සඳහා වැඩබලන ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
1
+1
10
+1
1
+1
6
+1
2
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?