බීමතින් තරුණියකට ‘අයුතු බලපෑම් කළ ක්‍රිකට් තරුවට’ බලධාරීන් කළ දේ

දකුණු පළාතේ හෝටලයක පසුගියදා පැවැති උත්සවයකදී බීමතින් තරුණියකට අයුතු බලපෑමක් කරමින් ගැටුමක් ඇතිකරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රබලතම තුන් ඉරියව් ක්‍රීඩකයා කිසිදු දඬුවමක් ලබා නොදී මුදාහැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත්කළ විමර්ශන කමිටුව තීරණය කර ඇති බව පුවත්පත් වාර්තාකර තිබෙනවා.

ඒ අනුව මෙම ක්‍රීඩකයා එම උත්සවය අතරතුර බීමතින් තරුණියකට අනවශ්‍ය අයුරින් බලපෑමක් කිරීමට උත්සාහ කර ඇති පසුබිමක මෙවන් තීරණයට එළැඹීම විමතියට කරුණක් බවයි පුවත්පත් සඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ස්වාධීන නීතිඥවරයකුගේ ප්‍රධානත්වයෙන් තුන් දෙනකුගෙන් යුත් මෙම විමර්ශන කමිටුවක් පත්කළ අතර, එම විමර්ශන කමිටුව විසින් චෝදනාවට ලක්ව ඇති මෙම ක්‍රිකට් ක්‍රීඩකයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් සෑහීමට පත්ව නොමැත.

එහිදී ඔවුන් විසින් පෙන්වා දී ඇත්තේ මෙම ක්‍රීඩකයාගේ ක්‍රියාකලාපය වෘත්තීයමය නොවන බවත්, ජාතික ක්‍රීඩකයකු අපේක්‍ෂා කරන ලක්‍ෂණ නොමැති බවත්ය. එබැවින් විමර්ශන කමිටුව විසින් කරන ලද සොයා ගැනීම් හා නිර්දේශ මත පදනම්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටුව විසින් අවංක භාවය, සදාචාරය, සාධාරණ ක්‍රීඩාව සහ ක්‍රීඩාශීලීත්වය යන ප්‍රමීතීන් උල්ලංඝනය වන කිසිදු හැසිරීමක් සිදු නොකරන ලෙස මෙම ක්‍රීඩකයාට අවවාද කර තිබෙනවා.

තවද වසරක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නම් කරන ලද වෛද්‍යවරයකු විසින් පවත්වනු ලබන උපදේශ සැසිවාරවලට අනිවාර්යයෙන්ම සහභාගි වන ලෙසද එම විමර්ශන කමිටුව විසින් අදාළ ක්‍රීඩකයාට නියම කර ඇති ඉහළම දඬුවම වී තිබීමද විශේෂත්වයකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09