AFC Banner
AFC Banner
Empty Ad

බීමතින් කාන්තාවන්ට හිරිහැර කළ පුද්ගලයා අවන්හලට ගිනි තබයි – 11ක් මරුට

මෙක්සිකෝවේ අවන්හලක හටගත් ගින්නකින් කාන්තාවන් ඇතුලු පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අදාළ අවන්හල තුළ මත්පැන් පානය කළ පුද්ගලයෙකු අධික ලෙසට බීමත්ව මෙම ගිනි තැබීම සිදු කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

දැඩි ලෙස මත්පැන් පානය කර සිටි ඔහු එහි සිටි කාන්තාවන්ට හිරිහැර කිරීම හේතුවෙන් අවන්හලේ බලධාරීන් එම පුද්ගලයා අවන්හලින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

අනතුරුව සැකකරු ඊට ගිනි තබා ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගින්නෙන් 11 දෙනෙකු මරණයට පත්වී ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.

සැකකරු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි මෙක්සිකෝ ආරක්ෂක බලධාරීන් සඳහන් කළේ.

ඇමරිකා එක්සත් ජනපදයට මායිම්ව පිහිටි San Luis Rio Colorado හි සිකුරාදා රාත්‍රියේ මෙම සිදුවීම වාර්තා වී තිබෙනවා.

ගින්නෙන් පිරිමි පුද්ගලයන් හත් දෙනෙකු සහ කාන්තාවන් 4 දෙනෙකු මිය ගිය අතර තවත් පුද්ගලයින් 4 දෙනෙකු රෝහල් ගත කර ඇති බව සඳහන්.

තුවාල ලැබූවන් ගණනාවක් දේශසීමා හරහා ඇමරිකා එක්සත් ජනපදයේ රෝහල් වෙත ප්‍රතිකාර සඳහා රැගෙන ගොස් තිබෙනවා.

මෙම සිද්ධිය වසර ගණනාවක් මෙක්සිකෝව පීඩාවට පත් වූ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධද ද යන්න මෙතෙක් පැහැදිළි වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?