බීමතින් කාන්තාවන්ට හිරිහැර කළ පුද්ගලයා අවන්හලට ගිනි තබයි – 11ක් මරුට

මෙක්සිකෝවේ අවන්හලක හටගත් ගින්නකින් කාන්තාවන් ඇතුලු පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අදාළ අවන්හල තුළ මත්පැන් පානය කළ පුද්ගලයෙකු අධික ලෙසට බීමත්ව මෙම ගිනි තැබීම සිදු කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

දැඩි ලෙස මත්පැන් පානය කර සිටි ඔහු එහි සිටි කාන්තාවන්ට හිරිහැර කිරීම හේතුවෙන් අවන්හලේ බලධාරීන් එම පුද්ගලයා අවන්හලින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

අනතුරුව සැකකරු ඊට ගිනි තබා ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගින්නෙන් 11 දෙනෙකු මරණයට පත්වී ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.

සැකකරු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි මෙක්සිකෝ ආරක්ෂක බලධාරීන් සඳහන් කළේ.

ඇමරිකා එක්සත් ජනපදයට මායිම්ව පිහිටි San Luis Rio Colorado හි සිකුරාදා රාත්‍රියේ මෙම සිදුවීම වාර්තා වී තිබෙනවා.

ගින්නෙන් පිරිමි පුද්ගලයන් හත් දෙනෙකු සහ කාන්තාවන් 4 දෙනෙකු මිය ගිය අතර තවත් පුද්ගලයින් 4 දෙනෙකු රෝහල් ගත කර ඇති බව සඳහන්.

තුවාල ලැබූවන් ගණනාවක් දේශසීමා හරහා ඇමරිකා එක්සත් ජනපදයේ රෝහල් වෙත ප්‍රතිකාර සඳහා රැගෙන ගොස් තිබෙනවා.

මෙම සිද්ධිය වසර ගණනාවක් මෙක්සිකෝව පීඩාවට පත් වූ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධද ද යන්න මෙතෙක් පැහැදිළි වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52