AFC Banner
Empty Ad
Empty Ad

බීඩි කොළ කිලෝ 689ක් නාවික හමුදාව භාරයට ගැනේ

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම, එරඹුගොඩැල්ල වෙරළ ප්‍රදේශයේ අද (09) දින අලුයම් කාලයේ සිදුකළ් සෝදිසි මෙහෙයුමක් මගින්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ප්‍රවාහනය කිරීම සඳහා ලොරි රථයකට පටවමින් තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 689ක තොගයක් නාවික හමුදා භාරයට ගැනුණා.

මෙහිදී ලොරි රථයක්, ඩිංගි යාත්‍රාවක් සහ සැකකරුවෙකු නාවික හමුදා භාරයට ගැනුණු බවයි නාවික හමුදා මාධ්‍ය අංශය පැවසුවේ.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙහෙයුම සිදු කෙරුණා.

මෙම මෙහෙයුමෙන් අත් අඩංගුවට ගත් සැකකරු 43 හැවිරිදි වියෙහි පසුවන කල්පිටියේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සඳහා වයඹ පළාත් සුරාබදු විශේෂ ඒකකය වෙත භාරදීමට නියමිත ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?