AFC Banner
AFC Banner
Empty Ad

බීඩි කොළ කිලෝ 1508ක තොගයක් සමඟ 3ක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන විත් ප්‍රවාහනය කිරීමට සූදානම් කරමින් තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1508ක තොගයක් සහිත ලොරි රථයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිසිය වෙත භාරදී තිබෙනවා.

නාවික හමුදාව කල්පිටිය, ආනවාසල ප්‍රදේශයේ ඊයේ රාත්‍රී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී යි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව, සිදුකරන ලද මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ නවතා තිබූ සැකකටයුතු ලොරි රථයක් නීරික්‍ෂණය කර පරීක්‍ෂාවට ලක්කර තිබුණා.

එහිදී, එම ලොරි රථය තුල උර 48ක අසුරා තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ 1508ක ‍තොගය සමඟ සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් විසින් ලොරි රථය තුළ බීඩි කොළ තොගය සූක්ෂම ලෙස ආවරණය වන ආකාරයෙන් උර 39 ක අසුරන ලද දුම්කොළ කිලෝ 744ක් සහ උර 8ක අසුරන ලද දුම්කොළ කුඩු කිලෝග්‍රෑම් 129ක තොගයක් ද මෙහිදී නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 29 ත් 36 ත් අතර වයසේ පසුවන ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරුවන්, ලොරි රථය, බීඩි කොළ තොගය සහ දුම්කොළ හා දුම්කොළ කුඩු තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිසිය වෙත භාරදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?