බීඩි කොළ කිලෝ 1508ක තොගයක් සමඟ 3ක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන විත් ප්‍රවාහනය කිරීමට සූදානම් කරමින් තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1508ක තොගයක් සහිත ලොරි රථයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිසිය වෙත භාරදී තිබෙනවා.

නාවික හමුදාව කල්පිටිය, ආනවාසල ප්‍රදේශයේ ඊයේ රාත්‍රී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී යි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව, සිදුකරන ලද මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ නවතා තිබූ සැකකටයුතු ලොරි රථයක් නීරික්‍ෂණය කර පරීක්‍ෂාවට ලක්කර තිබුණා.

එහිදී, එම ලොරි රථය තුල උර 48ක අසුරා තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ 1508ක ‍තොගය සමඟ සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් විසින් ලොරි රථය තුළ බීඩි කොළ තොගය සූක්ෂම ලෙස ආවරණය වන ආකාරයෙන් උර 39 ක අසුරන ලද දුම්කොළ කිලෝ 744ක් සහ උර 8ක අසුරන ලද දුම්කොළ කුඩු කිලෝග්‍රෑම් 129ක තොගයක් ද මෙහිදී නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 29 ත් 36 ත් අතර වයසේ පසුවන ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරුවන්, ලොරි රථය, බීඩි කොළ තොගය සහ දුම්කොළ හා දුම්කොළ කුඩු තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිසිය වෙත භාරදී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25