ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන ලද බීඩි කොළ තොගයක් සහ සැකකරුවන් 07 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද (23) අලුයම 03ට පමණ වෙන්නප්පුව – උල්හිටියාව වෙරළ තීරයේ දී මෙම වැටලීම සිදු කළ බවයි.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අතරින් දෙදෙනකු මිනුවන්ගොඩ ප්‍රදේශයේ ද, එක් අයෙකු නාත්තණ්ඩිය ප්‍රදේශයෙන් ද සෙසු සැකකරුවන් සිව්දෙනා ඇලබඩගම ප්‍රදේශයේ ද පදිංචිකරුවන් බව ද හෙළි ව තිබෙනවා.
බීඩිකොළ තොගය පොලිතින් උර 39ක අසුරා තිබී ඇති බවයි පැවසෙන්නේ.
බීඩිකොළ තොගය වෙනත් ස්ථානයකට ප්‍රවාහනය කිරීමට යොදාගත් වෑන් රියක් සහ ලොරියක් ද පොලිස් භාරයට ගැනුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





