AFC Banner
AFC Banner
Empty Ad

බීඩිකොළ ඇල්ලූ මෙහෙයුම් තුන

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය වෙල්ලමුන්දලම සිට කෝලන්කනත්ත දක්වා වු ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ සහ කෝලන්කනත්ත වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව දෙදිනක් තුළ සිදු කළ සෝදිසි මෙහෙයුම් මගින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැක කෙරෙන බීඩි කොළ තොගයක් සොයාගෙන තිබෙනවා.

මෙම බීඩිකොළ තොගය තුළ කිලෝග්‍රෑම් 1,648කට අධික තෙත බර සහිත බීඩිකොළ තිබූ බවයි නාවික හමුදා මාධ්‍ය අංශය පැවසුවේ.

වයඹ නාවික විධානයේ ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණය විසින් මෙම මෙහෙයුම සිදු කරන ලද අතර ඒවා මුහුදේ උර පහක බහා පාවෙමින් තිබූ බව ද පැවසෙනවා.

එම මෙහෙයුම් ද්විත්වයට අමතරව තවත් මෙහෙයුමක් පෙරේදා (18) දිනයේ දී සිදු කර ඇත්තේ කල්පිටිය ළඳු කැලෑවක තිබියදී ද බීඩි කොළ කිලෝ 1,648ක තොගයක් සොයා ගැනුණා.

ඉදිරි නීතිමය කටයුතු සඳහා වයඹ පළාත් සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකය වෙත මෙම බීඩිකොළ තොගය භාරදීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?