බිළිඳු කලලයක් ඇලකට දමා ගිය සැකකාරියක් අත්අඩංගුවට

2022.11.21 වන දින උදෑසන කාලයේ දැරණියගල පොලිස් වසමේ ගල්හිටිකන්ද ප්‍රදේශයේ කුඩා ඇල මාර්ගයක බිළිඳු කලලයක කොටස් ඇති බවට 119 තොරතුරු මධ්‍යස්ථානය ලද පණිවිඩයක් මත දැරණියගල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

කලලය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.සිදුකළ සිදුකළ විමර්ශනයේදී සිද්ධියට සම්බන්ධ කාන්තාවක් පොලීසිය විසින් 2022.11.23 වන දින උදෑසන කාලයේදී අත්අඩංගුවට ගෙන අවිස්සාවේල්ල රෝහල වෙත ඇතුලත් කර ඇත.

අත් අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 22 ක් වන ගලහිටිකන්ද ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සැකකාරිය 2022.11.28 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර බන්ධනාගාර නිලධාරීන් යටතේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. දැරණියගල පොලිසිය විමර්ශන කටයුතු සිදු කරගෙන යනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?