AFC Banner
AFC Banner
Empty Ad

බිල වැඩි කිරීම විදුලි සේවකයින් පිටින් යැවීමේ සූදානමක් – බලශක්ති ඇමතිට චෝදනාවක්

විදුලි බිල වැඩි කිරීමේ බර විදුලිබල මණ්ඩලයේ සේවකයින් පිට පැටවීමේ උත්සාහයක බලශක්ති අමාත්‍යවරයා නිරත වන බව ලංකා විදුලි පොදු සේවක සංගමය චෝදනා කරනවා.

අද (24) දින මාධ්‍ය හමුවක් පවත්වමින් ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ මේ බව සඳහන් කළා.

ඒ, අනුව විදුලිබල මණ්ඩලයේ සේවකයින් කෙරෙහි සමාජ විරෝධයක් ඇති කිරීමේ උත්සාහයක් ද පවතින බවයි සභාපතිවරයා මෙහිදී සඳහන් කර සිටියේ.

පසුගිය 23 වනදා අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශයන්ගෙන් ඒ පිළිබඳව ගම්‍යවන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර විදුලි බිල වැඩි කිරීම විද්‍යාත්මක පදනමක් මත සිදුකළ කළ දෙයක් නොවන බව ද සභාපතිවරයා මෙම මාධ්‍ය හමුවේ දී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?