බිල වැඩි කරන්න කෑගහන ඇමැති කංචනට දෙහි කපයි

විදුලි බිල යළි වැඩි කළ යුතු යැයි කෑගසන කංචන විජේසේකර බලශක්ති ඇමැති ධුරය දරන සමයේ දී පුනර්ජනනීය විදුලිය මෙගාවොට් දහයක්වත් ජාතික පද්ධතියට එකතු කර නැතැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික චෝදනා කරයි.

පුනර්ජනනීය විදුලිය සම්බන්ධයෙන් ඇමැතිගේ කාර්ය සාධනය ඔහු වහා රටට හෙළි කළ යුතු යැයිද ඔහු පැවසීය.

කොළඹ දී ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පවසා සිටියේ,

කංචන විජේසේකර ඇමැතිවරයා කියනවා එක විදුලිය ඒකකයක් රුපියල් පනස් හයයි ශත හැත්තෑවක් කරන්න ඕනේ කියලා. එහෙම කියන ඔහුම කියනවා විදුලි ඒකකයක සාමාන්‍ය වියදම රුපියල් විසිනවයයි ශත දාහතරයි කියලා. මෙතන වෙනස බලන්නකෝ. මේ වෙනසෙ රහස මොකක්ද කියලා ඇමැති කංචන රටට හෙළි කළ යුතුයි.පොහොට්ටු ආණ්ඩුව පත් වුණේ 2030 වන විට පුනර්ජනනීය විදුලිය 70% ක් කරනවා කියලා. ඊට අනුව වසරකට මෙගාවොට් හයසීයක් පුනර්ජනනීය විදුලිය නිෂ්පාදනය කළ යුතුයි. ඒ අනුව මාසෙකට මෙගා වොට් 50 ක් පුනර්ජනනීය විදුලි නිෂ්පාදනය කළ යුතුයි.

කංචන විජේසේකර බලශක්ති ඇමැති හැටියට පත් වෙලා මාස හතක්. ඔහු හරියට වැඩ කළා නම් මේ මාස 7ට පුනර්ජනනීය විදුලිය මෙගාවොට් 350ක් ජාතික පද්ධතියට එකතු කළ යුතුව තියෙනවා. එහෙම කළා නම් අද ලයිට් කපන්න වෙන්නෙත් නෑ, බිල වැඩි කරන්න වෙන්නෙත් නෑ. තමන්ගේ වගකීම් පැහැර හැරිය ඇමැතිවරයා මිනිස්සුන්ට බර පටවමින් සිටිනවා. අපි ජනාධිපතිවරයාටත් කියනවා මේ ඇමැතිවරයාගේ කාර්ය සාධනය පිළිබඳව අවධානය යොමු කරන්න කියලා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28