AFC Banner
Empty Ad
Empty Ad

බිරිය විසින් නිදි යහනේදී සැමියාව පරලොව යවයි..

පවුල් ආරවුලක් හේතු කරගෙන නිදි යහනේදීම තම සැමියාව ඝාතනය කළ බව කියන කාන්තාවක්ව අත්අඩංගුවට ගෙන ඇති බව කොස්වත්ත පොලීසිය පවසනවා.

ඊයේ (27) රාත්‍රීයේ මෙම ඝාතනය සිදුවී ඇති බවයි පොලිසිය පැවසුවේ.

මිය ගොස් ඇත්තේ වෙන්නප්පුව – රජවත්ත, බටහිර කිරිමැටියාන පදිංචිව සිටි කරුණාරත්න ගණිත නැකතියලාගේ ජයන සම්පත් ජයරත්න (අවු:42) නම් අයෙකි.

මිය ගොස් ඇති අය සහ සැකකාර කාන්තාව අතර නිරන්තර පවුල් ආරවුල් තිබී ඇති අතර, ඒ සම්බන්ධයෙන් වන පැමිණිළි 30 කට වැඩි ප්‍රමාණයක් කොස්වත්ත පොලීසියට පසුගිය කාලයේ ලැබී ඇති බවයි පැවසෙන්නේ.

27 වැනිදා රාත්‍රීයේද දෙදෙනා අතර පවුල් ආරවුලක් ඇති වී තිබෙන බවත්, එම අවස්ථාවේදී බිරිද විසින් සැමියාගේ මුහුණ රෙදි කඩකින් තද කිරීම හේතුවෙන් මරණය සිදුවී ඇති බවත් පොලීසිය කියයි.

මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර කොස්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?