අයියා මලෝ මියගිය කුලියාපිටියේ V8 ජීප් රථ අනතුර ගැන තවත් තොරතුරු හෙළිවෙයි

කුලියාපිටිය – හෙට්ටිපොළ ප්‍රධාන මාර්ගයේ කඹුරාපොල, බුජ්ගමුව පාලමෙන් සුඛෝපභෝගී V8 වර්ගයේ ජීප් රථයක් පෙරළී ගොස් සිදු වූ අනතුරකින් එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත් වූ තරුණයින් දෙදෙනා විදෙස් ගතව උසස් අධ්‍යාපනය ලබමින් සිටිය දී මීට සති දෙකකට පමණ පෙර දිවයිනට පැමිණ ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ජීවිතක්ෂයට පත් වූ සහෝදරයින් දෙදෙනාගෙන් 27 හැවිරිදි නිර්මාල් ධනංජය ජපානයේ උසස් අධ්‍යාපනය හදාරමින් සිට ඇති අතර 25 හැවිරිදි ඉෂාන්ත පියුමාල් ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හදාරමින් සිට තිබෙනවා.

කුලියාපිටිය දෙස සිට හෙට්ටිපොල දෙසට ධාවනය වූ මෙම V8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය අද (23) අලුයම එකට පමණ බුජ්ගමුව පාලමෙන් පහළට පෙරළී අනතුරට ලක්ව තිබුණා.

අනතුරින් පසු ජීප් රථය පැය හයක පමණ මෙහෙයුමකින් අනතුරුව ගොඩගත් අතර, ඒ වනවිටත් රථය තුළ සිරවී සිටි තරුණයින් දෙදෙනා ජීවිතක්ෂය පත්ව සිටියා.

ජීවිතක්ෂය පත්ව සිටි ඔවුන්ගේ සිරුරු රැගෙන ගියේ කුලියාපිටිය රෝහලටයි.

වෙන්නපුව ප්‍රදේශයේ පැවති සාදයකට සහභාගී වී යළි කොබෙයිගනේ ප්‍රදේශයේ පිහිටි නිවස වෙත යමින් සිටිය දී මොවුන් මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර අනතුර සිදුවන් අවස්ථාවේ දී මොවුන් දෙදෙනා බීමතින් සිට ඇත්ද යන්න අනාවරණය කර ගැනීම සඳහා පරීක්ෂා කිරීමට රුධිර සාම්පල ලබාගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36