උත්සවය සමයේ වැටලීම් ඉහළ දැමීමේ සූදානමක්

එළඹෙන උත්සවය සමය වෙනුවෙන් දිවයින පුරා සිදුකරන වැටලීම් ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව එළඹෙන ජනවාරි මස 15 වන දින දක්වා දිවයින පුරා මෙම වැටලීම් සහ විමර්ශන සිදුකර ලෙසයි එහි දිස්ත්‍රික් විමර්ශන අංශ වෙත උපදෙස් ලබා දී ඇත්තේ.

මෙහිදී ගබඩා සහ තොග අලෙවිසල් පරීක්ෂාවට ලක් කරමින් කල් ඉකුත් වූ හා තොරතුරු වෙනස් කරමින් භාණ්ඩ වෙළඳපොළට පැමිණීම වැළැක්වීම ප්‍රධාන අරමුණ වී තිබෙනවා.

උත්සව සමය තුළ සති අන්තයේ සහ රජයේ නිවාඩු දිනවල ද මෙම වැටලීම් සිදුකරන ලෙසයි නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත්තේ.

එළඹෙන උත්සව සමය තුළ පාරිභෝගිකයින්ට ඇතිවන ගැටලු පිළිබඳව 1977 දුරකථන අංකය අමතා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුවත් කිරීමේ හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !