ජයිස්වාල්ගෙන් ටෙස්ට් පිටියේ ලෝක වාර්තාවක්

කැලැන්ඩර් වර්ෂයක් තුළ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම හයේ පහරවල් සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරුවා බවට පත්වීමට ඉන්දීය ආරම්භක පිතිකරු යෂස්වි ජයිස්වාල්ට අද හැකියව ලැබුණා.

සත්කාරක ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ඉන්දීය දෙවන ඉනිම වෙනුවෙන් ඔහු එල්ල කළ හයේ පහරවල් දෙකත් සමඟ ජයිස්වාල් මෙම ලෝක වාර්තාව පිහිටවනු ලැබුවා.

24 හැවිරිදි ජයිස්වාල් මෙම වසරේ දී ටෙස්ට් තරඟ 12 කදී හයේ පහර 34ක් එල්ල කර ඇති අතර, මීට පෙර කැලැන්ඩර් වර්ෂයක් තුළ ටෙස්ට් පිටියේ වැඩිම හයේ පහර සංඛාවක් එල්ල කර ලෝක වාර්තාවට නවසීලන්ත හිටපු ක්‍රීඩක බ්‍රෙන්ඩන් මැකලම් හිමිකම් කීවා.

මීට පෙර බ්‍රෙන්ඩන් මැකලම් විසින් කැලැන්ඩර් වර්ෂයක් තුළ ටෙස්ට් පිටියේ හයේ පහර 33ක් එල්ල කර තිබුණා.

යෂස්වි ජයිස්වාල් විසින් ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන ක්‍රීඩක නේතන් ලියොන්ගේ පන්දුවකට ලෝන්ග් ඔන් හරහා දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් මැකලම්ගේ ලෝක වාර්තාව අද මෙලෙස අභිබවා ගියා.

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අත්රාග් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී දෙවන ඉනිම වෙනුවෙන් යෂස්වි ජයිස්වාල් පන්දු 193කට මුහුණ දෙමින් ලකුණු 90ක් නොදැවී රැස්කරගෙන සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40