බිරිඳ සිය පුත්‍රයා සමඟ එක්ව සැමියා මරා සිරුර කොටස්කර නගරයේ තැන් තැන්වල දමා ගිහින්

තම ස්වාමිපුරුෂයා ඝාතනය කර ඔහුගේ සිරුර කැබලිවලට කපා නගරයේ විවිධ ස්ථානවල දමා ගිය කාන්තාවක් සහ ඇගේ පුත්‍රයා අත්අඩංගුවට ගැනීමට දිල්ලි පොලිසියට හැකිව තිබෙනවා.

පසුගිය මැයි මස 30 වනදා මොවුන් විසින් මෙම අපරාධය සිදුකර ඇති අතර, මත්පැන් වලට නිදිපෙති මිශ්‍රකර සිය සැමියාට පොවා අනතුරුව පුත්‍රයා සමඟ එක්ව මෙම ඝාතනය සිදුකර ඇති බවයි හෙළිව ඇත්තේ.

ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව එම ශරීරය කැබලිවලට කපා ශීතකරණයක බහා දින කිහිපයක් එය නිවස තුළ තබාගෙන ඇති බවට පරීක්ෂණවල දී අනාවරණය කරගෙන තිබෙනවා.

අනතුරුව සිය පුත්‍රයා සමඟ එක්ව එම සිරුරු කොටස් මලුවලට දමා නගරයේ විවිධ ස්ථානවල දමාගොස් ඇති බව සඳහන්.

අදාළ පුද්ගලයාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී මේ පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති අතර, සැකකාර බිරිඳ සහ පුත්‍රයා විසින් එම සිරුරු කොටස් විවිධ ස්ථාන වෙත රැගෙන යන අයුරු නගරයේ සවිකර තිබූ ආරක්‍ෂිත කැමරාවල ද සටහන්ව තිබෙනවා

ඒ, සම්බන්ධයෙන් මාස කිහිපයක් සිදුකළ දීර්ඝ විමරශණයකින් පසු සැකකාර මෙම බිරිඳ සහ පුත්‍රයා පසුගිය 12 වනදා දිල්ලි පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති බවයි ඉන්දීය මධ්‍ය වාර්තා කළේ.

සිය සැමියා සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත මෙම ඝතයන සිදුකර ඇති බවට ද තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59