spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බිරිඳ සිය පුත්‍රයා සමඟ එක්ව සැමියා මරා සිරුර කොටස්කර නගරයේ තැන් තැන්වල දමා ගිහින්

තම ස්වාමිපුරුෂයා ඝාතනය කර ඔහුගේ සිරුර කැබලිවලට කපා නගරයේ විවිධ ස්ථානවල දමා ගිය කාන්තාවක් සහ ඇගේ පුත්‍රයා අත්අඩංගුවට ගැනීමට දිල්ලි පොලිසියට හැකිව තිබෙනවා.

පසුගිය මැයි මස 30 වනදා මොවුන් විසින් මෙම අපරාධය සිදුකර ඇති අතර, මත්පැන් වලට නිදිපෙති මිශ්‍රකර සිය සැමියාට පොවා අනතුරුව පුත්‍රයා සමඟ එක්ව මෙම ඝාතනය සිදුකර ඇති බවයි හෙළිව ඇත්තේ.

ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව එම ශරීරය කැබලිවලට කපා ශීතකරණයක බහා දින කිහිපයක් එය නිවස තුළ තබාගෙන ඇති බවට පරීක්ෂණවල දී අනාවරණය කරගෙන තිබෙනවා.

අනතුරුව සිය පුත්‍රයා සමඟ එක්ව එම සිරුරු කොටස් මලුවලට දමා නගරයේ විවිධ ස්ථානවල දමාගොස් ඇති බව සඳහන්.

අදාළ පුද්ගලයාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී මේ පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති අතර, සැකකාර බිරිඳ සහ පුත්‍රයා විසින් එම සිරුරු කොටස් විවිධ ස්ථාන වෙත රැගෙන යන අයුරු නගරයේ සවිකර තිබූ ආරක්‍ෂිත කැමරාවල ද සටහන්ව තිබෙනවා

ඒ, සම්බන්ධයෙන් මාස කිහිපයක් සිදුකළ දීර්ඝ විමරශණයකින් පසු සැකකාර මෙම බිරිඳ සහ පුත්‍රයා පසුගිය 12 වනදා දිල්ලි පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති බවයි ඉන්දීය මධ්‍ය වාර්තා කළේ.

සිය සැමියා සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත මෙම ඝතයන සිදුකර ඇති බවට ද තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?