බිරිඳ මිය ගොස් දවස් තුනෙන් සැමියත් නිවසේම කොවිඩ් නිසා මරු දකී

කොවිඩ් 19 වෛරසය ආසාදනය වු බිරිද මිය ගොස් දින තුනකට පසු ඊයේ (16) දින රාත්‍රියේ සැමියාද මියගොස් ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ජේ ගනේෂ් මහතා පැවසිය.

කොවිඩ් 19 වෛරසයේ රෝග ලක්ෂණ මතුවිම නිසා මිය ගිය තිදරු මව ඉකුත් (13) දින බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අනතුරුව එදිනම ඇය මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ බගවන්තලාව සිරිපුර ප්‍රදේශයේ පදිංචි එස්.පාර්වති නැමති (68) හැවිරිදි තිදරු මවයි.

මිය ගිය කාන්තාව පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කර ඇති අතර, එම පි.සි.ආර් වාර්තාව (16) දින ලද බවත්, ඒ අනුව ඇයට කොවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වු බවත්, එදිනම රාත්‍රියේ ඇයගේ සැමියා වන එස්.වඩිවේල් (76) තිදරු පියා මියගිය බවත්, මිය ගිය සැමියාද පි.සි.ආර් පරික්ෂණයට භාජනය කර ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

මිය ගිය දෙදෙනාගේ සිරුරු දික්ඔය මුලික රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති බවත්, එම පවුලේ සමාජිකයන් 06 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර ඇති බවද බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වැඩිදුරටත් පැවසිය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 04.03.2026
08:33:26
Video thumbnail
මිහින්තලා රජමහා විහාරයේ ලොකු කලබලයක්..මිහින්තලේ හිමි අත්අඩංගුවට ගයිද?
01:28
Video thumbnail
ඉරාන නෞකාව නිසා නාමල් පාර්ලිමේන්තුවේ කුපිත වෙයි..හොරාට අත්සන් කරපු ගිවිසුමක ප්‍රතිඵලයක්ද?
08:26
Video thumbnail
නෞකාව ගැන තවත් තොරතුරු රැසක් එළියට..නිසල සිරුරු ගැන සංඛ්‍යාත්මකව කියන්න අමාරුයි
02:54
Video thumbnail
ඉරාන නෞකාවට සබ්මැරීන ප්‍ර#රයක් එල්ල වෙලාද ? මෙන්න ඉරාන නෞකාව ගැන ප්‍රබල හෙළිදරව්වක්
03:03
Video thumbnail
🔴Breaking News
31:41
Video thumbnail
රෝහලේ ප්‍රතිකාර ලබන ඉරාන නෞකාවේ සිටි පිරිසගේ නවතම තත්ත්වය
01:22
Video thumbnail
චාමර පාර්ලිමේන්තුව දෙවනත් කරයි - ඔයාටත් ග#න්න බැරිවුණ ගේමක් සාජන් ග#ලා
03:13
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
අභිරහස් සිරුරක් ගාලු පාරෙන් හමුවෙයි..දැඩි උණුසුම් තත්ත්වයක්..
01:32