බිරිඳ ඝාතනයට තැත් කළ ඉන්දීය ප්‍රසිද්ධ චිත්‍රපට නිෂ්පාදකවරයා පොලිස් අත්අඩංගුවට

ඉන්දීය ප්‍රසිද්ධ චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන කමල් කිෂෝර් මිශ්‍රා ඊයේ (27) රාත්‍රියේ මුම්බායිහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තම බිරිඳව ඝාතනයට ලක් කිරීමේ චෝදනාව මත මුම්බායි පොලිසිය විසින් මොහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මධ්‍ය වාර්තා කළේ.

කමල් කිෂෝර් සිය මෝටර් රථය තුළ නිරූපිකාවක් සමඟ සිටි මොහොතක බිරිඳ විසින් ඔහුව අල්ලා ගැනීමට උත්සාහා කළ අවස්ථාවේ දී බිරිඳව යටකර මෝටර් රථය ධාවනය කරවීමට ඔහු කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී ඔහුගේ බිරිඳ වන යස්මින්ගේ පාදයකට තුවාල සිදුව ඇති අතර, පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇය පොලිසියේ පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා.

තම ස්වාමිපුරුෂයා අනාචාරයේ හැසිරීම, හිතාමතාම එම ස්ථානයෙන් පලා යාම සහ මෝටර් රථය ඇය මත ධාවනය කිරීමෙන් ඝාතනයට ලක් කිරීමට උත්සාහ කිරීම යන චෝදනා කමල් කිෂෝර්ගේ බිරිඳ විසින් ඔහුට එරෙහිව එල්ල කර ඇති බව සඳහන්.

පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ ඉන්දීය පොලිසිය සිද්ධිය සිදු වූ ස්ථානයේ ආරක්ෂිත කැමරා පරික්ෂා කර බලා ඇති අතර, කමල් කිෂෝර් විසින් සිය බිරිඳව මෝටර් රථයට යටකර පලායන අයුරු එම කැමරාවල පටිගතව ඇති බවයි වාර්තා වුණේ.

ඒ අනුව සැකකාර කමල් කිෂෝර් ඊයේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Dehati Disco, Bhootiyapa, Flat No.420, Khalli Balli සහ Sharmaji Ki Lag Gai වැනි චිත්‍රපට රැසක නිෂ්පාදකවරයා වශයෙන් කටයුතු කර ඇත්තේ කමල් කිෂෝර් මිශ්‍රා විසිනුයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46