යුධ හමුදාවෙන් ඉවත් වු අයෙකු සිය කින්නියා පිහිටි ගෙවත්තේ සඟවා තිබු ජේ.ආර්. වර්ගයේ ජීව අත්බෝම්බයක් සමඟ අදාළ පුද්ගලයා ඊයේ (20) දිනයේ අත්අඩංගුවට ගත් බව කින්නියාපොලීසිය පවසනවා.
සිය බිරිදට පහරදිමක් සම්බන්ධයෙන් බිරිදගේ නැගණිය පොලිසියට පැමිණිලි කිරිමෙන් පසු ලද තොරතුරකට අනුව පොලිසිය මෙම ජිව අත්බෝම්බය සොයාගනු ලැබුවා.
අත්අඩංගුවට පත් හිටපු හමුදා සෙබළාගේ නිවස පිහිටි කින්නියා පුවරසන්තිව්හි නිවසේ පොලිතින් කවරයක තබා ගෙවත්තේ මෙම ජිව අත් අබෝම්බය සඟවා තිබුණු බව පොලිසිය පවසා සිටියා.
සැකකරු යුධ හමුදා ඉංජිනේරු බලකායේ සේවය කළ අයෙකු බව පොලිසිය කරුණු අනාවරණය කරගත් අතර බෝම්බය නිෂ්ක්‍රීය කරන තෙක් එම ස්ථානයට පොලිසිය ආරක්ෂාව යොදවා තිබෙනවා.
අදාළ සැකකරු ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
කින්නියා පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යයි













