බිරිඳගේ අසැබි විඩියෝවක් ළඟ තබාගත් ප්‍රසිද්ධ ගායකයාට දඬුවම් නියම කිරීම කල්තැබේ

සිය බිරිඳගේ අසභ්‍ය විඩියෝ පටයක් සන්තකයේ තබාගෙන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරිම සම්බන්ධයෙන් චෝදනා ලැබූ ප්‍රසිද්ධ ගායකයෙකු අධිකරණයේදි වරද පිළිගැනීම නිසා දඬුවම් නියම කිරීම ජනවාරි 16 දිනට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම කල් තැබුවා.

සිද්ධියට අදාල නඩුව අද (19) කැඳවු අවස්ථාවේදි ප්‍රධාන මහේස්ත්‍රාත් මෙලෙස නියෝග කළා.

සැකකරුගේ බිරිඳ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අදාල කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙලෙස නියෝග කෙරුණා.

සිද්ධියට අදාල පැමිණිලිකාරිය අද අධිකරණය පෙනී නොසිටීම නිසා ඇයට නොතිසි නිකුත් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වූ විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ,අවුරුදු 10කට අධික කාලයක් විවාහව සිට සැකකාර ප්‍රසිද්ධ ගායකයා පැමිණිලිකාරියෙන් මේ වන විට වෙන් වී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
5
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?