බිරිදව සහ අනියම් සැමියාව පැට්‍රල් දමා ගිනි තැබූ සැමියා

බිරිඳ අනියම් සැමියෙකු සමග නිදියහනේ සිටියදී නිත්‍යානුකූල සැමියා විසින් පෙට්‍රල් දමා ගිනි තැබීමේ සිද්ධියක් පනාමුරේ ප්‍රදේශයෙන් වාර්තා විය.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ අනියම් සැමියා බව පැවසෙන පුද්ගලයා මියගොස් තිබේ.

පිළිස්සුම් තුවාල ලබා සිටින බිරිඳ බලන්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

පොලීසිය සඳහන් කළේ, ඇඹිලිපිටිය පනාමුරේ ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි අයෙකු එලෙස පිළිස්සීම් තුවාල ලබා මියගොස් ඇති බවය.

පිළිස්සුම් තුවාල ලබා සිටින බිරිඳ 38 හැවිරිදි සිව්දරු මවක් වන අතර ඇය සැමියාගෙන් වෙන්වී පින්නවල ප්‍රදේශයේ කුලී නිවසක ජීවත්වී ඇත.

ඊයේ (19) අලුයම් කාලයේදී එම නිවසට පැමිණ ඇති නීත්‍යානුකූල සැමියා එම අපරාධය සිදුකර ඇති බව වාර්තා වෙයි.සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !