AFC Banner
AFC Banner
Empty Ad

බිමට වැටුණු ගිනිඅවිය යළි ගන්න හදද්දි පත්තු වුණ වෙඩිල්ල කළ විපාකය

හලාවත පොලිස් ස්ථානය තුළ දී රිවෝල්වරයක් ක්‍රියාත්මක වීමෙන් තුවාල ලබා ඇති ආධුනික පොලිස් කොස්තාපල්වරයෙක් ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ; 26 වැනිදා සවස 7.00 ට පමණ මෙම අනතුර සිදු වී ඇති බවයි.

තුවාල ලබා ඇත්තේ ආධුනික පොලිස් කොස්තාපල් (101657) නන්දසේන නම් කොස්තාපල්වරයෙක්.

රාජකාරි අවසන් කළ පොලිස් කොස්තාපල්වරයා තමන් සතුව තිබූ ගිනි අවිය පොලීසියේ අවි ගබඩාවට බාර දීමට යන අවස්ථාවේ එය බිමට වැටී තිබෙනවා.

බිමට වැටුණු ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් ඒ ආසන්නයේ සිටි නිලධාරියෙකුට වෙඩි වැදී ඇති බව විමර්ශනවල දී අනාවරණය වී ඇතැයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් හලාවත සහකාර පොලිස් අධිකාරීවරයා විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?