බිඳ වැටී ඇති ජල සැපයුම දින 02ක් තුළ යථා තත්ත්වයට

දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වයත් සමඟ ජලසම්පාදන මණ්ඩලයට අයත් ජල පොම්පාගාර සහ ජල පිරිපහදු මධ්‍යස්ථාන බොහෝ සංඛ්‍යාවක් අක්‍රීය තත්ත්වයට පත්ව ඇති බව ජලසම්පාදන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර පවසනවා.

ඉන් විශාලතම හානිය මහනුවර ප්‍රදේශයේ පවතින ජල පොම්පාගාර සහ ජල පවිත්‍රාගාරවලට සිදුව ඇති බවයි සභාපතිවරයා සඳහන් කළේ.

මේ වනවිට ජල සැපයුම නතර වී ඇති මහනුවර ප්‍රදේශයේ සියලුම ස්ථානවලට හෙට (01) දිනය වනවිට යළි ජලය සැපයීමේ හැකියාවක් පවතින බව සඳහන් කළ සභාපතිවරයා මේ වනවිටත් ඒ වෙනුවෙන් කටයුතු සිදුකරමින් පවතින බවයි පැවසුවේ.

මේ අතර බිඳ දිවයිනේ වැටී ඇති ජල සැපයුම් දින දෙකක් පමණ වනවිට යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මෙහිදී ඔහු විශේෂයෙන් සඳහන් කර සිටියේ කැළණි ගඟ පිටාර ගැලීමත් සමඟ අඹතලේ සහ බියගම ජල පිරිපහදු මධ්‍යස්ථානයවල පැවති අවදානම් තත්ත්වය මේ වනවිට පහව ගොස් ඇති බවයි.

ඒ, අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ජල සැපයුමට අවදානමක් නොමැති බවයි ඔහු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14
Video thumbnail
අසේල කුපිත වී හොඳම එකෙන් දෙසයි.."මුන් අම්මා මුත්තා නැතිවෙන්න බුද්ධ ශාසනයට ග#නවා"
08:43
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32
Video thumbnail
විදුලිබල මණ්ඩලයට සැර ටොක්කක්.."ඔක්කොම දැන් හොරු සමඟ හෙ#වෙන්"
11:56
Video thumbnail
ආනන්ද පාලිතගෙන් සජිත්ට සැර සත්තමක්.."පතෝල න්‍යාය නෙවෙයි මේක ගසා කෑමේ න්‍යාය"
15:46
Video thumbnail
STF නිලධාරියෙක් විසින් සහෝදරියගේ සැමියා බිහිසුණු අයුරින් එළොව ‍යවලා
01:11


?