බිඳ වැටී ඇති ජල සැපයුම දින 02ක් තුළ යථා තත්ත්වයට

දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වයත් සමඟ ජලසම්පාදන මණ්ඩලයට අයත් ජල පොම්පාගාර සහ ජල පිරිපහදු මධ්‍යස්ථාන බොහෝ සංඛ්‍යාවක් අක්‍රීය තත්ත්වයට පත්ව ඇති බව ජලසම්පාදන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර පවසනවා.

ඉන් විශාලතම හානිය මහනුවර ප්‍රදේශයේ පවතින ජල පොම්පාගාර සහ ජල පවිත්‍රාගාරවලට සිදුව ඇති බවයි සභාපතිවරයා සඳහන් කළේ.

මේ වනවිට ජල සැපයුම නතර වී ඇති මහනුවර ප්‍රදේශයේ සියලුම ස්ථානවලට හෙට (01) දිනය වනවිට යළි ජලය සැපයීමේ හැකියාවක් පවතින බව සඳහන් කළ සභාපතිවරයා මේ වනවිටත් ඒ වෙනුවෙන් කටයුතු සිදුකරමින් පවතින බවයි පැවසුවේ.

මේ අතර බිඳ දිවයිනේ වැටී ඇති ජල සැපයුම් දින දෙකක් පමණ වනවිට යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මෙහිදී ඔහු විශේෂයෙන් සඳහන් කර සිටියේ කැළණි ගඟ පිටාර ගැලීමත් සමඟ අඹතලේ සහ බියගම ජල පිරිපහදු මධ්‍යස්ථානයවල පැවති අවදානම් තත්ත්වය මේ වනවිට පහව ගොස් ඇති බවයි.

ඒ, අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ජල සැපයුමට අවදානමක් නොමැති බවයි ඔහු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16