බිත්තර සඳහා අඩු කළ ආනයන බදු අදාළ රාජ්‍ය අංශයට පමණයි – මුදල් රාජ්‍ය ඇමති

බිත්තර ආනයනය කිරීමේදී පනවා තිබූ ආනයන බදු පසුගියදා අඩු කළද, එය අදාළ වන්නේ රාජ්‍ය අංශයට පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද සවස රුවන්වැල්ල ප්‍රදේශයේ දී පැවති ක්‍රීඩා වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙහිදී අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ බිත්තර ආනයනය කිරීමට හේතු වූයේ රටතුළ පවතින බිත්තර හිඟය බවයි.

බිත්තර හිඟය, ආහාර නිෂ්පාදන කර්මාන්තය පවත්වාගෙන යෑමට බාධාවක් බැවින් බිත්තර ආනයනය සඳහා පැවති බදු අඩු කළ අතර එම අඩු කිරීම අදාළ වන්නේ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහා පමණක් ම බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.

එලෙස ආනයනය කරන බිත්තර සියල්ල තොග වශයෙන් නිෂ්පාදන කර්මාන්තවලට ලබාදෙන බවත්, ඒ හේතුවෙන් දේශීය බිත්තර නිෂ්පාදකයාට කිසිදු බලපෑමක් එල්ල නොවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

මේ අතර ආනයනය කරන ලද පළමු බිත්තර තොගය සඳුදා (27) දිවයිනට පැමිණීමට නියමිත බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

ශ්‍රී ලංකා රාජ්‍ය වෙළඳ සංස්ථාව මගින් පළමු බිත්තර තොගය ආනයනය කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අමාත්‍යවරයා පැවසුවේ පළමු බිත්තර තොගයේ කොටසක් ලෙස ඉන්දියාවෙන් බිත්තර මිලියන දෙකකට වැඩි ප්‍රමාණයක් ආනයනය කර ඇති බවයි.

මේ අතර බිත්තර ආනයනයේදී පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

බිත්තරයක් ආනයනය කිරීමේදී පනවා තිබූ රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශ්‍රී ලංකා රාජ්‍ය වෙළෙඳ සංස්ථාව විසින් පෙබරවාරි 21 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 1 දක්වා අඩු කළා.

එම බදු සංශෝධනය මාස තුනක කාලයක් සඳහා බලපැවැත්වෙන බවයි වෙළඳ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53