බිත්තර මිල වැඩි කිරීම සඳහා අවසර ලබා දී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරනවා.
වැඩි මිලට බිත්තර අලෙවි කිරීම සම්බන්ධයෙන් සිදුකරන වැටලීම් දිවයින පුරා තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩි දුරටත් සඳහන් කළේ.
බිත්තරයක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල රුපියල් 50.00ක් ලෙස දක්වමින් රජය විසින් පසුගිය දා ඇති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා.
මේ අතර, බිත්තරයක මිල රුපියල් 07ත් 10ත් අතර ප්‍රමාණයකින් පහත දැමිය හැකි බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය සඳහන් කළා.
කුකුළු ගොවිපොළහිමියන් කිහිප දෙනෙකුගේ මැදිහත් වීමෙන් මිල අඩුකිරීම සිදුනො කරන බවයි එම සංගමය සඳහන් කර සිටියා.














UNTA ……. GANNA KIYALA BOLA ADUWATA DEEPANKO. ADUWATA DUNNA KIYALA ALLAGENA YANNE NAHANE. PODI DARUWEKUTA KANNA THIYENNE OKA WITHARAYI. HADENA PARAPURA GENA HITHALA OYA ADUMA GANE RS.40 WATH DENNA.