AFC Banner
Empty Ad
Empty Ad

බිත්තරයකින් නිෂ්පාදකයාට රුපියල් 25ක ලාභයක්

බිත්තර නිෂ්පාදකයින් විසින් බිත්තරයකින් රුපියල් 25.00ක අයුතු ලාභයක් ලබාගන්නා බවට බිත්තර වෙළෙඳ සංගමය චෝදනා කරනවා.

එම සංගමයේ සඳහන් කරන්නේ බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 20.00ක පමණ මුදලක් දැනට වැයවන බවයි.

මේ අතර බිත්තරයක් මේ දිනවල රුපියල් 45.00ත් 50.00ත් අතර තොග මිලකට වෙළඳපොලට නිකුත් කිරීමට නිෂ්පාදකයින් කටයුතු කරන බවයි බිත්තර වෙළෙඳ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ වනවිට සිල්ලර වෙළඳපොලේ බිත්තරයක් රුපියල් 50.00ත් 55.00ත් අතර මිලකට අලෙවි වනවා.

මේ අතර මෙරට නිෂ්පාදනය කෙරෙන කුකුළු මස් සහ බිත්තර චීනයට අපනයනය සඳහා දීර්ඝ කාලයකසිට පැවැති සම්බාධක චීන රජය විසින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?