AFC Banner
AFC Banner
Empty Ad

බෑණාගෙන් මාමණ්ඩියට පොලු පහරක් එල්ල වී මරුට

ඊයේ (18) උදෑසන කාලයේ වාලච්චේන පොලිස් වසමේ කිරාන් ප්‍රදේශයේ පුද්ගලයෙකුට පොල්ලකින් පහර දී ඝාතනය කර ඇති බවට වාලච්චේන පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ මෙලෙස මියගොස් ඇත්තේ 66 හැවිරිදි කිරාන් ප්‍රදේශයේ ම පදිංචිකරුවෙකු බවයි.

මරණකරුගේ දියණිය විවාහයෙන් වෙන් වී සිය දියණිය ද සමඟ මරණකරුගේ නිවසේ පදිංචිව සිට තිබෙනවා.

දියණියගේ සැමියා මාසිකව නඩත්තු ගෙවීම් සිදු කරන අතර ඔහු තම දියණිය බැලිම සඳහා ඊයේ උදෑසන කාලයේ මරණකරුගේ නිවසට පැමිණ ඇති අතර දරුවා ඉල්ලා ඔහු හා බිරිඳ අතර ආරවුලක් හටගෙන ඇති බවයි පැවසෙන්නේ.

දියණියගේ පියා වන මරණකරු ද ආරවුලට මැදිහත් වී ඇති අතර එහිදී දියණියගේ සැමියා විසින් ඔහුට පොල්ලකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

මෘත ශරිරය වාලච්චේන රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි පැවසෙන්නේ.

ඝාතනයට සම්බන්ධ වයස අවුරුදු 26 ක් වන කිරාන් ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?