බෑණාගෙන් මාමණ්ඩියට පොලු පහරක් එල්ල වී මරුට

ඊයේ (18) උදෑසන කාලයේ වාලච්චේන පොලිස් වසමේ කිරාන් ප්‍රදේශයේ පුද්ගලයෙකුට පොල්ලකින් පහර දී ඝාතනය කර ඇති බවට වාලච්චේන පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ මෙලෙස මියගොස් ඇත්තේ 66 හැවිරිදි කිරාන් ප්‍රදේශයේ ම පදිංචිකරුවෙකු බවයි.

මරණකරුගේ දියණිය විවාහයෙන් වෙන් වී සිය දියණිය ද සමඟ මරණකරුගේ නිවසේ පදිංචිව සිට තිබෙනවා.

දියණියගේ සැමියා මාසිකව නඩත්තු ගෙවීම් සිදු කරන අතර ඔහු තම දියණිය බැලිම සඳහා ඊයේ උදෑසන කාලයේ මරණකරුගේ නිවසට පැමිණ ඇති අතර දරුවා ඉල්ලා ඔහු හා බිරිඳ අතර ආරවුලක් හටගෙන ඇති බවයි පැවසෙන්නේ.

දියණියගේ පියා වන මරණකරු ද ආරවුලට මැදිහත් වී ඇති අතර එහිදී දියණියගේ සැමියා විසින් ඔහුට පොල්ලකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

මෘත ශරිරය වාලච්චේන රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි පැවසෙන්නේ.

ඝාතනයට සම්බන්ධ වයස අවුරුදු 26 ක් වන කිරාන් ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30