බැසිල්ට ජාත්‍යන්තර වරෙන්තුවක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඉල්ලීමක් කරන්න – අධිකරණය CIDයට දැනුම්දෙයි

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළව, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට ජාත්‍යන්තර වරෙන්තුවක් ලබා ගැනීමට අවශ්‍ය නම් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර කටයුතු කළ හැකි බව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් ඒකකයට දැනුම් දුන්නා.

ඒ, මෙම සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරික්ෂණය අද (10) අධිකරණය හමුවේ යළි කැඳවු අවස්ථාවේදී.

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට 2014 වර්ෂයේදී යොමු කර තිබූ රුපියල් මිලියන 7.8 ක මුදලක් එම කාර්යාංශයේ ප්‍රවර්ධන කටයුතුවලට වැය නොකර, ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ටී ෂර්ට් 12,000ක් ලබා දී රජයට පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් ඒකකය මෙම සිද්ධිය අධිකරණයට වාර්තා කර තිබුණා.

මෙහිදී පළමු සැකකරු වන හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට නොතීසියක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ මුල් අවස්ථාවේදීම වරෙන්තු නිකුත් කර ඇති මෙම සැකකරුට නොතීසි නිකුත් කිරීමට අවශ්‍ය නොවන බවයි.

අවශ්‍ය නම් අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ.

මේ අතර, මෙම සිද්ධියට අදාලව අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර සිටි එම කාර්යාංශයේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂකවරයා වන රෑමි ජවුෆර් නැමැත්තා ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද (10) නියෝග කළා.

එමෙන්ම සිද්ධියේ දෙවන සැකකරු වන එම කාර්යාංශයේ හිටපු සභාපතිවරයා වූ බාස්වර් ගුණවර්ධන නමැත්තා රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද මහේස්ත්‍රාත්වරයා අද (10) නියෝග කළා.

මෙම සැකකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කර ඇති බව විමර්ශන නිලධාරීන් විසින් අධිකරණයට දැනුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
10
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක නියපොත්තෙන් කඩන්න තිබ්බ දෙයක් - කවුද ඕඩර් එක නොදුන්නේ..?
08:01
Video thumbnail
ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ මෙහෙයුමක් නොකලේ ඇයි ?ආණ්ඩුව ෆේල්
14:47
Video thumbnail
ඇමතිගේ අතින් අල්ලගෙන් නිලධාරීන් හඬා වැටෙයි
01:01
Video thumbnail
මහින්ද ඉස්සරහට ගිහින් වටගල දණ ගහනවා - කොන්දක් තියෙනවා නම් කෙළින් ඉන්න
07:02
Video thumbnail
යුද හමුදා නිලධාරීන් ඇවිත් ගාල්ල ජාතික රෝහලට දුන්න ෆුල් සුද්දය
03:36
Video thumbnail
වැලිමඩ ටවුමේ මම ඔයාගේ ෆොටෝ එක තියලා වඳිනවා
07:16
Video thumbnail
සුගීශ්වර යළි රිමාන්ඩ් - ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි
01:09
Video thumbnail
දිවි අහිමිවූ බන්ධනාගාර නිලධාරින්ගේ දේහයන් ඔවුන්ගේ නිවෙස් වෙත ගෙන යන අයුරු
03:51
Video thumbnail
මම පිස්සෝ අවුස්සන්නේ නෑ - මේ ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න
07:16
Video thumbnail
හර්ෂණගේ කතාවට මරික්කාර් රිදෙන්නම දෙයි
10:51