බැසිල්ට අසුන දෙන මන්ත්‍රීට රජයේ වෙනත් තනතුරක් ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පිවසීමට සිය අසුන ලබාදීමට පක්ෂයේ ජාතික ලැයිස්තුවේ ඕනෑම මන්ත්‍රීවරයෙකු සූදානමින් පසුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

බැසිල් රාජපක්ෂ මහතා එළඹෙන සතියේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනු ඇති බවට මේ වනවිට විවිධ මත පළවෙමින් පවතී.

කෙසේවෙතත් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙන්නේ නම් දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස්විය යුතු අතර ඒ සම්බන්ධයෙන් ද මේ වනවිට දැඩි කතාබහක් මතුව තිබේ.

ඉල්ලා අස්වන මන්ත්‍රීවරයාට රජයේ වෙනත් තනතුරක් ලබාදීම සඳහා මේ වනවිටත් විවිධ යෝජනා ඉදිරිපත්ව ඇති බව සඳහන්ය.

බැසිල් රාජපක්ෂ මහතාට ලබාදෙන මන්ත්‍රී අසුන සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්  මහනුවර දී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගෙන් විමසීමක් කළේය.

එහිදී ඔහු සඳහන් කළේ,

“එතුමා වෙනුවෙන් පාර්ලිමේන්තු අසුන පරිත්‍යාග කරන්න පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගිය අපි හැමෝම සූදානමින් ඉන්නවා. මං පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙන එක ගැන කතා කරන්න වෙලාව නෙමෙයි මේක. එහෙම සූදානමක් ඇත්තෙත් නෑ. එහෙම තියෙනවා නම් මේ පළාතේ මේ කටයුතුවලට මම එන්නෙත් නෑ නේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?