බැසිල්ට අසුන දෙන මන්ත්‍රීට රජයේ වෙනත් තනතුරක් ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පිවසීමට සිය අසුන ලබාදීමට පක්ෂයේ ජාතික ලැයිස්තුවේ ඕනෑම මන්ත්‍රීවරයෙකු සූදානමින් පසුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

බැසිල් රාජපක්ෂ මහතා එළඹෙන සතියේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනු ඇති බවට මේ වනවිට විවිධ මත පළවෙමින් පවතී.

කෙසේවෙතත් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙන්නේ නම් දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස්විය යුතු අතර ඒ සම්බන්ධයෙන් ද මේ වනවිට දැඩි කතාබහක් මතුව තිබේ.

ඉල්ලා අස්වන මන්ත්‍රීවරයාට රජයේ වෙනත් තනතුරක් ලබාදීම සඳහා මේ වනවිටත් විවිධ යෝජනා ඉදිරිපත්ව ඇති බව සඳහන්ය.

බැසිල් රාජපක්ෂ මහතාට ලබාදෙන මන්ත්‍රී අසුන සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්  මහනුවර දී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගෙන් විමසීමක් කළේය.

එහිදී ඔහු සඳහන් කළේ,

“එතුමා වෙනුවෙන් පාර්ලිමේන්තු අසුන පරිත්‍යාග කරන්න පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගිය අපි හැමෝම සූදානමින් ඉන්නවා. මං පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙන එක ගැන කතා කරන්න වෙලාව නෙමෙයි මේක. එහෙම සූදානමක් ඇත්තෙත් නෑ. එහෙම තියෙනවා නම් මේ පළාතේ මේ කටයුතුවලට මම එන්නෙත් නෑ නේ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
කැලඹුණු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න - අද රාත්‍රියේන් පසු 100mm දක්වා තද වැසි
11:00
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
00:39
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
01:12
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය
00:52
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය - පොල් ගස් පනහකට වඩා විනාශ කරලා
01:16
Video thumbnail
පායයි කියලා කිව්වට මෙච්චර පායයි කියලා හිතුවේ නැ ?
02:45
Video thumbnail
පායයි කියලා කිව්වට මෙච්චර පායයි කියලා හිතුවේ නැ ?වියළි කාලගුණය නිසා ජනතාවගෙන් ආණ්ඩුවට චෝදනා
03:34
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58