මීළඟ ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා බැසිල් රාජපක්ෂ මහතාට සම්පුර්ණ සුදුසුකම් ඇතයි ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කර තිබේ.
වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවට සඳහන් කර නොමැති නිසා ඊළඟ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව දැන්ම කතා කිරීම කළයුතු නැති බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපි ශක්තිමත් දේශපාලන සන්ධානයක් ලෙස කටයුතු කරන බව කී ගාමිණී ලොකුගේ මහතා එහි වැඩි ගෞරවය බැසිල් රාජපක්ෂ මහතා ට හිමි වියයුතු බව වැඩි දුරටත් සඳහන් කරයි.
නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මුලස්ථානයේ මාධ්‍ය හමුවකදී අද (12) මේ බව සඳහන් කර තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1