බැලුම්මහර මංසන්ධියේ අනතුරකින් 13කට තුවාල (වීඩියෝ)

මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ බැලුම්මහර මංසන්ධියේ දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ආලෝක සංඥා අසල නතර කර තිබූ කන්ටේනර් රථයක පිටුපසින් පැමිණි බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පෞද්ගලික බස් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව අනතුර සිදුවී ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

ඊයේ රාත්‍රී 11ට පමණ සිදු වූ මෙම අනතුරින් බස් රථයේ රියදුරා ඇතුලු 13 දෙනෙකු තුවාල ලබා ගම්පහ මූලික රෝහලට ඇතුලත් කෙරුණා.

ත්‍රිකුණාමලය සිට කොළඹ දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක් මෙම අනතුරට ලක්වී තිබෙනවා.

අනතුරත් සමග බස් රථයේ පිටුපසින් පැමිණි තවත් වාහන කිහිපයක් ද එකිනෙක ගැටී අනතුරට ලක්වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා පොලිස් භාරයට ගෙන තිබෙනවා. යක්කල පොලිසියයි විමර්ශන සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ෂෙඩ් හිමියන්ට වැඩ වරදියි..ජනපතිගෙන් සැර කතාවක්..ලයිසන් කැන්සල් කරලා දාන්න
02:52
Video thumbnail
"මේක මහ විහිළුවක්නේ..මනෝ කිව්වේ නෑ.."ජනපතිගෙන් විපක්ෂයට සැර සත්තමක්
03:20
Video thumbnail
ඉන්ධන මිල වැඩි වෙයිද ? අඩු වෙයිද ? මෙන්න ජනපති කියයි..මිල ගණනය කරන්න ජනපති කිව්ව සරල සූත්‍රය
10:37
Video thumbnail
ජනපති සැරවෙයි - අසත්‍ය චෝදනා එල්ල කරන්න එපා
16:08
Video thumbnail
ඉරාන නෞකාවට ලංකාවට එන්න දුන්නානම් ඈත කලාපයේ තිබුණු යුධ ගැටුම මෙහෙට එනවා
07:07
Video thumbnail
ඉන්ධන මිල වැඩි වෙයිද ? CPC එකෙන් විශේෂ ප්‍රකාශයක්..සෙනසුරාදා සහ ඉරිදා තෙල් බෙදනවා
06:14
Video thumbnail
ගැම්මට අතත් වනාගෙන පාර්ලිමේන්තුවට ආ හැටි ජනපති..මන්ත්‍රීට එන ගමන් මොකක්ද ඒ කිව්වේ ?
00:58
Video thumbnail
"අධිකරණ ඇමති මැද ඇඟිල්ල පෙන්නලා දිව දානවා"පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්..
01:48
Video thumbnail
Actually Great System..දැන් කිසි කරදරයක් නෑ..ඉන්ධන හල්වල අද තත්ත්වය
02:26
Video thumbnail
අජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මොකක්ද මේ කුණුහරුප රජය..මුන් ඇමතිලද ? -
02:48