AFC Banner
AFC Banner
Empty Ad

බැන්ද තුවක්කුව පත්තු වී අයෙක් ජීවිතක්ෂයට

ගල්කිරියාගම – දික්වැන්නාගම ප්‍රදේශයේ දී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතළ තුවාල ලත් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචිව සිටි කරුණාරත්න මුදියන්සේලාගේ ගුණසිංහ නමැති 59 හැවිරිදි තිදරු පියෙක්.

වෙඩි පත්තුවීමත් සමඟ පසුපසට පැමිණි බඳින තුවක්කුව ඔහුගේ පපුවේ වැදීමෙන් ඔහු බරපතළ තුවාල ලබා සිටිය දී ඊයේ (28) රාත්‍රියේ ප්‍රදේශවාසීන්ට හමුව තිබෙනවා.

බරපතළ තත්ත්වයේ සිටි ඔහු ඊයේ (28) රාත්‍රියේම ආඬියාගල ප්‍රාදේශීය රෝහලට කඩිනමින් ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණා.

එහිදී රෝහල්ගත කරන අවස්ථාවේ ඔහු මිය ගොස් ඇති බව වාර්තා වනවා.

දික්වැන්නාගම හරහා ගලා බසින හැවැන් ඇල්ල ඔය ආසන්න ප්‍රදේශයක දී ඔහු මෙලෙස බඳින තුවක්කුවට ගොදුරු වී ඇති බවයි පොලීසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අද (29) ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර ගල්කිරියාගම පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?