බැන්ද තුවක්කුව පත්තු වී අයෙක් ජීවිතක්ෂයට

ගල්කිරියාගම – දික්වැන්නාගම ප්‍රදේශයේ දී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතළ තුවාල ලත් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචිව සිටි කරුණාරත්න මුදියන්සේලාගේ ගුණසිංහ නමැති 59 හැවිරිදි තිදරු පියෙක්.

වෙඩි පත්තුවීමත් සමඟ පසුපසට පැමිණි බඳින තුවක්කුව ඔහුගේ පපුවේ වැදීමෙන් ඔහු බරපතළ තුවාල ලබා සිටිය දී ඊයේ (28) රාත්‍රියේ ප්‍රදේශවාසීන්ට හමුව තිබෙනවා.

බරපතළ තත්ත්වයේ සිටි ඔහු ඊයේ (28) රාත්‍රියේම ආඬියාගල ප්‍රාදේශීය රෝහලට කඩිනමින් ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණා.

එහිදී රෝහල්ගත කරන අවස්ථාවේ ඔහු මිය ගොස් ඇති බව වාර්තා වනවා.

දික්වැන්නාගම හරහා ගලා බසින හැවැන් ඇල්ල ඔය ආසන්න ප්‍රදේශයක දී ඔහු මෙලෙස බඳින තුවක්කුවට ගොදුරු වී ඇති බවයි පොලීසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අද (29) ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර ගල්කිරියාගම පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40