බැකෝ සමන්ගේ ගෝලයෙක් T 81 අවියක් සමඟ අත්අඩංගුවට

පසුගිය දා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනුණු සංවිධානාත්මක අපරාධකරුවෙක් වන බැකෝ සමන් නැමැත්තාගේ ගෝලයෙක්යැයි සැකකරන පුද්ගලයෙක් ටී 81 ගිනි අවියක් සමග ඇඹිලිපිටිය, ගගේයාය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ගිනි අවියට අමතරව සැකකරු සන්තකයේ ටී 56 ගිනි අවි සඳහා භාවිත කරන මැගසින් දෙකක්, ඊට යොදන පතොරම් 97ක්, යුද හමුදා ඇඳුමට සමාන නිල ඇදුමක් ද පොලිස් භාරයට ගත් බවයි පොලිසිය ද්සන්දහන් කළේ.

අත්අඩංගුවට පත් වූ සැකකරු වයස අවුරුදු 29ක් වන ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තාවන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?