AFC Banner
AFC Banner
Empty Ad

බැංගලෝරය දෙවන ජය ලබද්දී දිල්ලියට තවත් දරුණු පරාජයක්

2023 අයි.පී.එල්. තරගාවලියේ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් පිළ සිය දෙවන ජයග්‍රහණය වාර්තා කිරීමට අද (15) සමත් වුණා.

ඒ, මෙවර තරගාවලියේ තවමත් ජයග්‍රහණයක් සොයමින් සිටින දිල්ලි කැපිටල්ස් පිළ පරාජය කරමින්.

දිල්ලි කැපිටල්ස් පිළ පරදා බැංගලෝර් පිළ මෙම තරගය ජය ගත්තේ ලකුණු 23කින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජස් බැංගලෝර් ක්‍රීඩකයින් පන්දුවාර 20 තුළ කඩුලු 06කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 174ක්.

එහිදී බැංගලෝරය වෙනුවෙන් විරාට් කෝලි අර්ධ ශතකයක් රැස්කරමින් එම කණ්ඩායමේ ලකුණු පුවරුව ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී කුල්දීප් යාදෙව් සහ මිචෙල් මාෂ් බැංගලෝර් ඉනිමේ කඩුලු 02ක බැඟින් බිද දැමීමට සමත් වුණා.

ඒ, අනුව දිල්ලි කැපිටල්ස් පිළට ජයග්‍රහණය වෙනුවෙන් බැංගලෝරයෙන් හිමි වූ ඉලක්කය ලකුණු 175ක්.

එම ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි දිල්ලි පිළේ ආරම්භක කඩුලු ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගන්නට බැංගලෝර් පන්දු යවන්නන් සමත් වුණා.

දිල්ලි පිළ ජයග්‍රහණය කරා රැගෙන යෑමට මනීෂ් පාණ්ඩේ උත්සාහයක නිරත වුණේ අර්ධ ශතකයක් රැස්කරමින්.

මෙම තරගයේ දී මෙවර අයි.පී.එල්. තරගාවලියේ පළමු තරගය සඳහා ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට අද අවස්ථාව උදා වුණා.

දිල්ලි මුල්පෙළ පිතිකරුවන් සිව්දෙනෙක්ම ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවීයාමත් සමඟ තනිව සටනක නිරත වෙමින් බැංගලෝරයට හිසරදයක් වූ මනීෂ් පාණ්ඩේ කඩුල්ල මෙවර තරගාවලියේ සිය පළමු කඩුල්ල බවට පත්කර ගන්නට වනිඳුට හැකියාව ලැබුණා.

එම දැවීයාමත් සමඟ එතෙක් දෙපිළටම විවෘතව තිබූ තරගය බැංගලෝරය දෙසට බර වුණා.

කෙසේ වෙතත් අද තරගයේ දී වනිඳු යම් ප්‍රහාරයටක ලක්වූ අතර, පන්දුවාර 03ක් යවා ලකුණු 37කට එක් කඩුල්ලක් ඔහු දවා ගත්තා.

මෙම තරගයේ දී බැංගලෝර් පන්දු යවන්නන් විසින් දිල්ලි කැපිටල්ස් පිළ පන්දුවට 20 තුළ ලකුණු 151කට සීමා කරමින් තරගයේ ජය තමන් සතුකර ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?