බැංගලෝරය දෙවන ජය ලබද්දී දිල්ලියට තවත් දරුණු පරාජයක්

2023 අයි.පී.එල්. තරගාවලියේ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් පිළ සිය දෙවන ජයග්‍රහණය වාර්තා කිරීමට අද (15) සමත් වුණා.

ඒ, මෙවර තරගාවලියේ තවමත් ජයග්‍රහණයක් සොයමින් සිටින දිල්ලි කැපිටල්ස් පිළ පරාජය කරමින්.

දිල්ලි කැපිටල්ස් පිළ පරදා බැංගලෝර් පිළ මෙම තරගය ජය ගත්තේ ලකුණු 23කින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජස් බැංගලෝර් ක්‍රීඩකයින් පන්දුවාර 20 තුළ කඩුලු 06කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 174ක්.

එහිදී බැංගලෝරය වෙනුවෙන් විරාට් කෝලි අර්ධ ශතකයක් රැස්කරමින් එම කණ්ඩායමේ ලකුණු පුවරුව ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී කුල්දීප් යාදෙව් සහ මිචෙල් මාෂ් බැංගලෝර් ඉනිමේ කඩුලු 02ක බැඟින් බිද දැමීමට සමත් වුණා.

ඒ, අනුව දිල්ලි කැපිටල්ස් පිළට ජයග්‍රහණය වෙනුවෙන් බැංගලෝරයෙන් හිමි වූ ඉලක්කය ලකුණු 175ක්.

එම ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි දිල්ලි පිළේ ආරම්භක කඩුලු ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගන්නට බැංගලෝර් පන්දු යවන්නන් සමත් වුණා.

දිල්ලි පිළ ජයග්‍රහණය කරා රැගෙන යෑමට මනීෂ් පාණ්ඩේ උත්සාහයක නිරත වුණේ අර්ධ ශතකයක් රැස්කරමින්.

මෙම තරගයේ දී මෙවර අයි.පී.එල්. තරගාවලියේ පළමු තරගය සඳහා ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට අද අවස්ථාව උදා වුණා.

දිල්ලි මුල්පෙළ පිතිකරුවන් සිව්දෙනෙක්ම ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවීයාමත් සමඟ තනිව සටනක නිරත වෙමින් බැංගලෝරයට හිසරදයක් වූ මනීෂ් පාණ්ඩේ කඩුල්ල මෙවර තරගාවලියේ සිය පළමු කඩුල්ල බවට පත්කර ගන්නට වනිඳුට හැකියාව ලැබුණා.

එම දැවීයාමත් සමඟ එතෙක් දෙපිළටම විවෘතව තිබූ තරගය බැංගලෝරය දෙසට බර වුණා.

කෙසේ වෙතත් අද තරගයේ දී වනිඳු යම් ප්‍රහාරයටක ලක්වූ අතර, පන්දුවාර 03ක් යවා ලකුණු 37කට එක් කඩුල්ලක් ඔහු දවා ගත්තා.

මෙම තරගයේ දී බැංගලෝර් පන්දු යවන්නන් විසින් දිල්ලි කැපිටල්ස් පිළ පන්දුවට 20 තුළ ලකුණු 151කට සීමා කරමින් තරගයේ ජය තමන් සතුකර ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03