බැංකුව ඉදිරියේ නවතා තිබූ වෑන් රථයක් හිටිහැටියේ ගිනිගෙන විනාශ වෙයි

යාපනය පැරණි පෞද්ගලික බස්නැවතුම්පල ආසන්නයේ පිහිටි බැංකුවක් අසලදී අද (26) උදෑසන වෑන්රථයක් හදීසියේම ගිනිගෙන විනාශ වී ඇතැයි යාපනය පොලීසිය පවසනවා.

පැරණි බස්නැවතුම්පල ආසන්නයේ පිහිටි අදාල බැංකුවට අද උදෑසන මෙම වෑන් රථයෙන් පැමිණී අයෙකු බැංකුව තුළට ගොස් මද වේලාවකට පසුව වෑන්රථය තුළින් ගින්නක් ඇවිලී ඇති අතර පසුව එය වෑන් රථය පුරාම ව්‍යාප්ත වී තිබෙනවා.

වෑන් රථය ගිනිගැනීම අසල්වාසීන් විසින් හිමිකරුටද දැනුම් දී ගින්න නිවා දැමීමට උත්සහ දැරුවද එය අසාර්ථක වී ඇති අතර පසුව ඒ පිළිබඳව යාපනය මහනගර සභාවේ ගිනිනිවීමේ ඒ්කකයට දැනුම් දීමෙන් පසුව එහි නිලධාරීන් පැමිණ ගින්න මැඩපැවත්වීමට පියවර ගනු ලැබූවා.

වෑන් රථයේ ගින්න නිවා දමන විටත් වෑන් රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන දැඩි හානියක් සිදුව ඇති අතර ගින්න ඇතිවීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරනය වී නොමැති බවටත් කාර්මික දෝෂයකින් ඇති වූ  විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න ඇතිවන්නට ඇතැයි සැක පල කරන බවටද පරික්ෂන සිදුකරන යාපනය පොලිසිය වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !